Wednesday, June 17, 2015

අන්තිම සිංදුව


තදටම ඒසී තිබුනත් මුහුණු දිලිසෙනව දාඩිය වලින්. කට්ටිය එකා දෙන්නා හිමීට එහෙට මෙහෙට වෙන්න පටන් ගන්නවා. තවමත් ලයිට් ඒ තාලෙටම නිවෙනවා පත්තු වෙනවා. එයාලගෙ අන්තිම සිංදුව ඇහෙන බව හැමෝටම තේරෙනවා. එහෙම වෙන්නෙ මෙතනට එන අයට ඒක ඉබේම දැනෙනෙ නිසයි.  සුපුරුදු විදියටම කට්ටිය නටන අන්තිම සිංදුවෙ ඉතිරි කාලය තත්පර දශම ගානක් දක්වා මට ප්ලේයර් එකෙන් පේනවා. එතකොට වෙනදා වාගෙම මගේ අත පුරුද්දෙන් වගේ සීඩී පැක් එකේ එක තැනකට ගිහින් සීඩී එකක් එලියට ගන්නවා. ඒක අනිත් ප්ලේයර් එකට ඇතුල් කරන ගමන් මගේ ඇස් කැරකිලා ගිහිල්ලා එක්තරා මේසයක් ලඟ නතර වෙනවා,  අන්තිම සිංදුව දාන්න කලින්.